විමල්ට තුනටියේ ආබාධයක්

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ලබාදී තිබූ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතාට ඊයේ (01දා) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණීමට දන්වා ඇති අතර ඔහුගේ තුනටියේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් පැමිණීමට නොහැකි බව දන්වා ඇතැයි එහි උසස් නිලධාරියෙක් පැවැසීය. 

විමල් වීරවංශ මහතාගේ පෞද්ගලික ලේකම්ව සිටි ඔහුගේ සොහොයුරකු වන සරත් වීරවංශ විසින් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාදුන් වාහන අවභාවිත කරමින් රුපියල් ලක්‍ෂ එකසිය පහකට ආසන්න මුදලක් සඳහා සාපරාධී විශ්වාසය කඩ කළ බවට පොදු දේපොළ පනත යටතේ කරනු ලබන පරීක්‍ෂණයක් සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමට මෙසේ පැමිණෙන ලෙස දන්වා යැවූ බව එම ප්‍රකාශකයා තවදුරටත් පැවැසීය.