ජනපති වෙබ් අඩවිය හැක් කළ අයට ඇප

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වෙබ් අඩවිය හැක් කළ පාසල් සිසුවාට හා අනෙක් තරුණයාට ඇප ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියම කළේය.පාසල් සිසුවා ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතද අනෙක් තරුණයා ලක්ෂ 10 ශරීර ඇප හතරක් හා රුපියල් 25000ක මුදල් ඇපයක් මතද නිදහස් කරනු ලැබීය.

නඩුව නැවතත් නොවැම්බර් 04 දා විවාදයට ගැනීමට නියමිතය. අදාළ ළමයින්ගේ දෙමාපියන් කැඳවූ මහෙස්ත්‍රාත්වරයා පැවැසුවේ ළමුන් පරිගණක අධ්‍යාපනයට යොමුවීම හොඳ බවත් නමුත් ඔවුන් පරිගණක භාවිතයෙන් කරන වැඩ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත්ය.