දිනේෂ් චන්දිමාල් හදිසි අබාධයකට ලක් වෙයි


වෙළඳ සේවා එක්දින ක්‍රිකට් තරගාවලිය අතරතුර දිනේෂ් චන්දිමාල් අබාධයකට ලක් වී තිබෙනවා. ඒ ඔහුගේ අතේ ඇඟිල්ලක පන්දුව වැදීමෙන් හේතුවෙන්.

මේ හේතුව නිසා චන්දිමාල් මේ වන විටත් සැත්කමකට භාජනය කර ඇති බවයි වාර්තා වන්නේ. ඔහුට මෙම අබාධය හේතුවෙන් සති කිහිපයක් අහිමි විය හැකි බවත් වාර්තා වනවා.