සිසුවා ‍පොලිස් වබේ අඩවියටත් රිංගලා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල වබේ අඩවියට ඇතුළු වූ පාසල් සිසුවා මීට පෙර ශ්‍රී ලංකා ‍පොලිසියේ නිල වබේ අඩවියටද ඇතුළු වී ඇති බව පරීක්ෂණවලදී තහවුරු වී ඇත. මීට මාසයකට පෙර මොහු එම වබේ අඩවියට ඇතුළු වී ඇති අතර එසේ ඇතුළු වී එම වබේ අඩවියේ එක් කොටසක සයිබර් ප්‍රහාරයක් බවට හැඟවෙන ලාංඡනයක්ද දමා ඇත. එහෙත් එය ප්‍රදර්ශනය වී නොමැති අතර ඉන්පසු මොහු ඇතුළු වී නොමැත.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරය සම්බන්ධවද හෙළිව ඇත්තේ මෙම පරීක්ෂණය සිදුකරන අතරතුරේදීය. අත්අඩංගුවට ගත් පාසල් සිසුවාටත් අනෙක් සැකකරුටත් පසුගිය සිකුරාදා අධිකරණයෙන් ඇප ලබා දෙන ලදී.