රියෝ පැරාලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීමේ එෆ්46 කාණ්ඩයෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ‍්‍රී ලංකාවේ දිනේෂ් ප‍්‍රියන්ත හේරත් සමත් විය.
මෙම ඉසව්වේ රන් පදක්කම ඉන්දියාවට හිමි වූ අතර චීනය රිදී පදක්කම හිමිවිය.මෙම පදක්කම ලබා ගැනීමට දිනේෂ් මීටර් 58යි දශම 2යි 3ක දක්ෂතාවක් දැක්වූ අතර එය දිනේෂ් ප‍්‍රියන්තගේ පෞද්ගලික හොඳම දක්ෂතාවය ද වේ.