වෛරසයක් ෆේස්බුකිය කළඹයි

ෆේස්බුක් (මුහුණුපොත) වෙබ් අඩවිය මේ වන විට වෛරසයක් ඇතුලත් වී ඇති බවට වර්තාවනවා.

මෙම වෛරසය මිතුරෙකු විසින් තමන්ගේ ෆේස්බුක් වෝලය (wall) මතට එවන ලද වීඩියෝවක් ලෙස ප්‍රථමයෙන්ම ඔබට දැනුම්දීමක් (Notification) මාර්ගයෙන් දැකගත හැකිවන අතර ඔබ ඒ ලින්ක් එක හරහා ගිය විටදී ඔබගේ ගිණුම එම වෛරසයට හසුවේ.

මෙම වෛරසයේ හානිය තවම නිසියාකාරයෙන් තක්සේරු කර නොමැති අතර තමන්ගේ ෆේස්බුක් ගිණුමට පැමිණෙන කිසිදු වීඩියෝ ලින්ක් එකක් නැරඹීමෙන් වළකින ලෙස ෆේස්බුක් විශේෂඥයින් දන්වා සිටින්නේ.