නුවන් කුලසේකර ඇප මත නිදහස්

රන්මුතුගල දී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ක්‍රීකට් ක්‍රීඩක නුවන් කුලසේකර පැය කිහිපයක් තුළ පොලිස් ඇප මත මුදා හරිනු ලැබ තිබේ.

වාර්තාවන ආකාරයට යතුරු පැදියේ ගමන් කර ඇති නිට්ටඹුවේ පදිංචි තරුණයා (28) ගේ නොසැලකිල්ල නිසා යතුරු පැදිය පාරේ ගැට්ටක වැදී පාර මැදට විසිවී තිබෙන අතරඑයට ආසන්න වෙනත් රථයක් ඔහු මගහැර වාහනය ඉවතට ගෙන ඇත. නමුත් පිටුපසින් පැමිණි කුලසේකරගේ වාහනයට තරුණයා යට වී ඇත.තමාට එක්වරම සිදුවූ දේ ගැන තේරුම් ගන්නට බැරිව ගිය බව කුලසේකර පොලිසියට පවසා ඇත.