මහින්ද රට යන හේතුව රාජිත හෙළි කරයි

හිටපු ජනාධිපතිවරයා වරින්වර විදෙස් ගත වන්නේ එතුමාගේ ඇඟේ එල්ලී බුදුවීමට දඟලන විමල් වීරවංශ ඇතුළු පිරිසගෙන් එතුමාට එල්ලවන බලපෑමෙන් මිදීමට බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාව සෑම තැනම ඔසවාගෙන යමින් මේ පිරිස බලපෑම් එල්ල කරන නිසා ඒවායෙන් මිදීමට විදෙස් ගතවී සිටීම ඉතා හොඳ යැයි එතුමාද පවසා තිබෙන බවද පැවැසූ අමාත්‍යවරයා රාජපක්‍ෂ මහතාගේ මෙම විදෙස් ගමන් ආණ්ඩුවට කිසිදු බලපෑමක් එල්ල නොකරන බවද අවධාරණය කළේය.

අමාත්‍යවරයා එහිදී මෙසේද කීය.

"විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම මහින්ද රාජපක්‍ෂගේ ඇඟේ එල්ලිලා බුදුවෙන්න දඟලන නිසා රාජපක්‍ෂ මහත්තයට ලොකු බලපෑමක් එල්ල වෙලා තියෙන්නෙ. ඒකෙන් මිදෙන්නයි එතුමා ඔය නිතර රට යන්නෙ. ඒකෙන් ආණ්ඩුවට නම් කිසිම බලපෑමක් වෙලා නෑ. ලංකාවෙ හිටියොත් හැමතැනම උස්සගෙන ගිහින් කරදර කරන නිසා පිටරටටම වෙලා ඉන්න එක හොඳයි කියලා එතුමා හිතනවා ඇති. එතුමා ඒක කියලත් තියෙනවා."