අවුරුදු 7ක දරුවෙකුට අමානුෂික ප්‍රහාරයක්

සිය කුඩම්මා විසින් උණු වතුරෙන් පිළිස්සු බව කියන මස්කෙළිය ප්‍රදේශයේ වතු නිවාස පෙළක ජීවත්වු කුඩා පිරිමි දරුවකු ප්‍රතිකාර සඳහා මස්කෙළිය රෝහලට ඇතුලත් කර තිබේ.

මෙම දරුවාගේ මුහුණ සහ දෙඅත් දැඩි ලෙස පිළිස්සී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ කුඩම්මා සහ මිත්තණිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ රාත්‍රී උණු වතුරෙන් පිළිස්සුනු මෙම දරුවා වේදනාවෙන් කෑගසන බවට ප්‍රදේශවාසීන් මස්කෙළිය පොලිසියට ලබාදුන් තොරතුරකට අනුව දරුවා සොයාගෙන රෝහල්ගත කර ඇත.

මෙම දරුවාගේ මව, පියා සමග දික්කසාද වීමෙන් පසු වෙනත් විවාහයක් සිදුකරගෙන ඇති අතර කුඩම්මා විසින් දරුවාට නිරන්තරයෙන් හිරිහැර කරන බවයි හෙළිවී ඇත්තේ.