ලොව වයස්ගතම පුද්ගලයා හමුවෙයි – අවුරුදු 146යි

ලොව වයස්ගතම පුද්ගලයා ඉන්දුනීසියාවෙන් හමුවී තිබෙනවා.නමින් Sidomejo මොහු උපත ලබා ඇත්තේ 1870 වසරේ දෙසැම්බර් මස 31 වනදා වන අතර මේ වන විට ඔහුගේ වයස අවුරුදු 146ක්.

මොහුගේ හැඳුනුම්පත ව්‍යාජ එකක් බව සිතුවත් එය ව්‍යාජ එකක් නොවන බවට එරට නිළධාරීන් සනාථ කොට තිබෙනවා.සරල බවත් කිසිදු දෙයක් වැඩිපුර නොසිතීමත් ඔහුගේ දිර්ඝ ආයු වැළඳීමේ රහස බවයි ඔහු කියා ඇත්තේ.

කමින් දුම්පානය කරමින් ඔහු දවස ගත කරන බව පවසනවා.ඔහුට අවශ්‍ය නම් ගිනස් වාර්තා අතරට එක්වීම සඳහා උදව් කිරීමට සූදානම් බවයි එරට නිළධාරීන් පවසන්නේ.දැනට ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්ව සිටින්නේ වයස 116 වූ ඉතාලි කාන්තාවක්.

ඔහුගේ සෞඛ්‍ය මට්ටම තවමත් යහපත් තත්වයේ තිබෙන බවයි පැවසෙන්නේ.ඔහුට සිටි සහෝදරයන් දස දෙනාද බිරින්දැවරුන් හතර දෙනාද දරුවන්ද මේ වන විට මිය ගොස් තිබෙනවා.මට මැරෙන්නයි ඕන…අවසාන වශයෙන් ඔහු කියා ඇත්තේ එයයි.