UNPයේ 70 වැනි සංවත්සර ජනපති ප්‍රධානත්වයෙන්

එක්සත් ජාතික පක්ෂයේ 70 වැනි සංවත්සර උත්සවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව එම සංවත්සර උත්සවය සැප්තැම්බර් 10 වැනිදා එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේ පැවැත්වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එජාප සංවත්සර උත්සවය පැවැත්වෙන දෙවැනි අවස්ථාව මෙය වන අතර මෙයට පෙර 69 වන සංවත්සර උත්සවය ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොතේදී පැවැත්විණි.

සංවත්සර උත්සවය සඳහා මහ බ්‍රිතාන්‍යය, ඉන්දියාව, චීනය, මැ‍ලේසියාව, සිංගප්පූරුව ආදී රටවල් රැසක රාජ්‍ය නායකයන් ද සහභාගිවීමට නියමිතය.

එජාප 70 වැනි සංවත්සරය සැප්තැම්බර් 06 වැනිදාට යෙදෙන අතර ඒ නිමිත්තෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ආගමික වැඩසටහන් රැසක් සංවිධාන කර තිබේ.