උදාරිට ඉල්ලුම වැඩි වෙලා

උදාරි වර්ණකුලසූරියට මේ වන විට චිත්‍රපට සඳහා ඇති ඉල්ලුම වැඩි වෙලා. ඒකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නෙ ඇය සිටින ආදරණීය කතාවක් සිනමාපටයේ ඇති සාර්ථකත්වය. උදාරි හීනෙකින්වත් හිතපු නැති ප්‍රමාණයට චිත්‍රපට සඳහා ආරාධනා ගලාගෙන එනවලු.

ඇයගේ දුව ලබන වසරේ පෙර පාසල් යනවා. සිංගප්පූරුවෙ පාසලකට තමයි උදාරි තම දියණියව ඇතුළත් කරන්නට හිතාගෙන ඉන්නෙ. ඒ වෙනුවෙන් ලබන මස ඇය විදෙස්ගත වනවා. ඒ කටයුතු මැද තමන්ට ලැබුණු චිත්‍රපටවලට මොකද කරන්නෙ කියලා කල්පනා කරනවලු. නොවැම්බර් මාසයේදී උදාරි ආයෙ ලංකාවට එනවා. ඒ හින්දා එම චිත්‍රපටවල වැඩ නොවැම්බර් මාසයෙන් පසුව දාගන්නට උදාරි හිතාගෙන ඉන්නවලු.