පාද යාත්‍රාවේ කෑ ගැසූ දරුවා ගැන පරීක්ෂණයක්

ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කළ පාද යාත්‍රාවේදී ආණ්ඩුව විවේචනය කරමින් කෑ ගැසූ කුඩා දරුවාගේ සිද්ධිය පිළිබඳව වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරියට නියෝග කළ බව කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පැවසීය.

ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් කුඩා දරුවාගේ හැසිරීම දෙමව්පිය අනුදැනුම ඇතිව හෝ නැතිව සිදුවූ දෙයක්ද යැයි සොයා බලන ලෙසද ඇය ළමා ආරක්ෂක අධිකාරියට නියෝග කර තිබේ.

එම සිද්ධිය දණ්ඩ නීති සංග්‍රහයට අනුව වරදක් බවත් දරුවාගේ හැසිරීමට හේතුවූ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ප්‍රකාශ කළාය.

මේ පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් මත එම තීරණය ගත් බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.