ආනන්ද විදුහල්පතිට මාරුවක්

කොළඹ ආනන්ද විදුහලේ විදුහල්පති කිත්සිරි ලියනගමගේ මහතාට දකුණු පළාත් අධ්‍යාපන කාර්යාලයට මාරුවක් ලැබී ඇතැයි වාර්තාවේ.

පසුගිය කාලයේ විදුහල්පතිවරයාට එරෙහිව විගණන වාර්තා පදනම් කරගෙන ගැටලූ මතුව තිබුණ අතර පිරිසක් විදුහල්පතිවරයා පාසලෙන් ඉවත් කිරීම වෙනුවෙන් විරෝධතාවයන් මතුකර තිබුණි.

මින් ඉහත රාජකීය විද්‍යාලයේ විදුහල්පතිටද ගැටලූ මතුව ඉවත්කරන්නට යෙදුණ අතර මේ වනවිට නාලන්ද විද්‍යාලයේද ගැටලූ මතුව තිබේ.

කොළඹ ප‍්‍රධාන පෙළේ පාසල් සියල්ලටම ස්ථාවර විදුහල්පතිවරුන් පිහිටුවීමේ ක‍්‍රියාදාමය තවදුරටත් අසමත් කරමින් ආනන්ද විදුහල්පතිවරයාටද ප‍්‍රශ්න පැනනැගුණ පසු ඔහු තමන්ට ස්ථාන මාරුවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබූ අතර එයට ප‍්‍රතිචාර ලෙස දකුණු පළාත් සභාව ඔහුට තනතුරක් ලබාදීමට එකඟතාව පළ කර ඇත.

දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ලෙස ලියනගමගේ මහතා මින් ඉහතත් කටයුතු කර ඇත.
ආනන්දයේ විදුහල්පති ලෙස මහනුවර ප‍්‍රධාන පාසලක විදුහල්පතිවරයකු පත් කිරීමට නියමිත බවට මේ වනවිට ආරංචි පැතිර තිබේ.