අල හොද්දක් උසාවියට

තම බිරිය වස සහිත කුඩු විශේෂයක් තම ආහාර වේලට කලවම් කළැයි කියන සිදුවීමකට අදාළව සැමියකු විසින් පොලිසියට භාරදුන් සැක සහිත ආහාර පාර්සලය අධිකරණයට ඉදිරිපත් කිරීමේදී එම ආහාර පාර්සලය රජයේ රස පරීක්ෂකවරයාට යොමු කොට වාර්තාවක් කැඳවන ලෙස නියම කළ කුලියාපිටිය මහෙස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා එම වාර්තාව සමඟ මෙම නඩුව ඔක්තෝබර් මස 11 දා නැවත කැඳවීමට නියම කළේය.

ස්වාමියාට වෙනත් සම්බන්ධයක් ඇතැයි කියමින් අවුරුදු 45ක් පමණ වයසැති කඳයාය ප්‍රදේශයේ අඹු සැමි යුවළක් නිතර නිතර සුළු ආරවුල් ඇති කර ගන්නා පසුබිමක පසුගිය දිනක සැමියා නිවෙසට පැමිණ ඇති අවස්ථාවේ බිරිය විසින් යාබද නිවෙසකින් ඉදිආප්ප ඇණවුම් කර ඇති අතර අල හොදිවලට යම් කුඩු විශේෂයක් කලවම් කරනු දුටු යාබද නිවැසියා එය සැමියාට සැල කිරීමෙන් ඇති වූ තද බල සැකය මත සැමියා සහ අදාළ යාබද නිවැසියා දුම්මලසූරිය පොලිස් ස්ථානාධිපතිවරයාට මේ පිළිබඳ පැමිණිලි කර තිබිණි. 

පසුව බිරිය කැඳවා ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව සැක සහිත ආහාර පාර්සලය පොලිසිය අධිකරණයට ඉදිරිපත් කොට තිබේ.

දුම්මලසූරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයවීර, පොලිස් පරීක්ෂක කපිල සිල්වා, පොලිස් කොස්තාපල් රෝහාන් (53314) යන නිලධාරීහු ආහාර පාර්සලය අධිකරණයට ඉදිරිපත්