මාලක සිල්වාට පහර දීපු සුද්දා ලංකාවට ඇවිත්

බම්බලපිටියේ රිදම් ඇන්ඩ් බ්ලූ රාත්‍රි සමාජ ශාලාවේදී හිටපු ඇමැති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වාට පහර දුන් බව කියන බි්‍රතාන්‍ය ජාතික සැකකරු වසර 2 කට පසු මෙරටට පැමිණ ඊයේ (25දා) අධිකරණයට ඉදිරිපත් වූ අතර ඔහු රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඊයේ නියෝග කෙළේය.

බි්‍රතාන්‍ය ජාතික ජේම්ස් කැසර්ලි මහතා එලෙස ඇප මත මුදා හරිනු ලැබීය.

තම බිරියට පහරදුන් බවට බි්‍රතාන්‍ය ජාතික ජේම්ස් කැසර්ලි මහතා මාලක සිල්වා මහතාට එරෙහිව පවරා තිබෙන නඩුව ද ඊයේ කැඳවනු ලැබූ අතර ඒ සඳහා සැකකාර මාලක සිල්වා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
අදාළ නඩු 2කම ලබන දෙසැම්බර් 08 වැනිදා කැඳවීමට අතිරේක මහෙස්ත්‍රාත්වරයා තීරණය කෙළේය.