ජනපතිගේ නම බල්ලෙකුගේ ඇඟේ ලියූ අයෙක් අත්අඩංගුවට

රටෙහි ජනාධිපතිවරයාගේ නම සිය සුරතල් සුනඛයාට දමා ඉන් නොනැවතී සුනඛයාගේ ශරීරයේ දෙපසම එම නම පින්තාරු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම නයිජීරියානු වැසියා එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ සාමය කඩකිරීමේ චෝදනාව මත යි.

ජනාධිපති මුහම්මදු බුහාරිගේ නම යි ඔහු මෙලෙස භාවිත කොට ඇත්තේ.

තම සුරතල් බල්ලාට දමා උගේ දෙපැත්තෙම එය පින්තාරු කළ එරට වැසියකු සාමය කඩ කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජනාධිපතිවරයාට වැඩි සහයෝගයක් ඇති ප්‍රදේශයක බුහාරි නම් සුනඛයා ගමන් කරවීමට සලස්වා ඇති අතර ඉන් මිනිසුන් කුපිත කිරීමට උත්සාහ දරා ඇති බවට යි මෙම පුද්ගලයාට චෝදනා නැගෙන්නේ.

කෙසේ නමුත් මෙම පුද්ගලයා පවසා ඇත්තේ ජනාධිපතිවරයාට සහාය පිණිස මේ ක්‍රියාව සිදුකළ බව යි.