ඕස්ටේ‍්‍රලියානු නායකයා ලංකාවෙන් යයි

සංචාරක ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමග කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ පැවැති දෙවන එක්දින කි‍්‍රකට් තරගය ලකුණු 82 කින් ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ (24) රාති‍්‍රයේ සමත් වුණා. මෙම ජයග‍්‍රහණය වාර්තා පොත් අතරට එක් වූයේ ශී‍්‍ර ලංකා කණ්ඩායම ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව වැඩිම ලකුණු සංඛ්‍යාවකින් ජය ගත් එක්දින තරගය ලෙසයි.

මෙම තරගය පරාජය වීමෙන් පසු ඕස්ටේ‍්‍රලියානු නායක ස්ටීවන් ස්මිත්, ඉදිරි තරගවල නායකත්වය ඩේවිඩ් වොර්නර්ට භාර කරමින් යළි ඕස්ටේ‍්‍රලියාව බලා පිටත් වීමද විශේෂත්වයක්. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ස්ටීවන් ස්මිත් පැවසුවේ දකුණු අපි‍්‍රකාව සමග ඉදිරියේදි පැවැත්වෙන කි‍්‍රකට් තරගාවලිය සඳහා සූදානම් වීමේ අරමුණින්, තමන් ශී‍්‍ර ලංකාව සමග පැවැත්වෙන ඉදිරි තරගවලදී විවේක ගන්නා බවයි.

මෙම තරගයේ වීරයා ලෙස නම් කෙරුණේ තුන් ඉරියව්වෙන් දස්කම් දැක්වූ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්. තරග 5 කින් සමන්විත මෙම එක්දින තරගාවලිය මේ වන විට එකට එකක් ලෙස සම තත්වයේ පසු වනවා. දෙරට අතර තුන්වන එක්දින කි‍්‍රකට් තරගය ලබන ඉරිදා රංගිරි දඹුලු කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.