කපුවා දියණියන් දෙදෙනාම දූෂණය කරලා

ලග්ගල ප්‍රදේශයේ ජීවත්වූ වයෝවෘද්ධ පුද්ගලයකුගේ මානසික රෝගයක් සුවකිරීමට එම නිවෙසේ ජීවත් වූ අවුරුදු 22ක හා 20ක දියණියන් දෙදෙනා දූෂණය කළ බව කියන වයස අවුරුදු 55ක කපුවකු අත්අඩංගුවට ගැනීමට ලග්ගල පොලිසිය පරීක්ෂණ සිදුකරයි.

සිය පියාට ඇතිවී ඇති රෝගී තත්ත්වය සුව කිරීම සඳහා දියණියන් දෙදෙනා සමඟ ලිංගික ඇසුරක් පැවැත්විය යුතු යැයි කැකිරාව ප්‍රදේශයේ පදිංචි කපුවකු යෝජනා කර තිබේ. 

පියා සුවපත් කර ගැනීම එකම අභිලාෂය වූ නිසාවෙන් කපුවාගේ ගොදුරු බවට පත්වූ දූවරුන් දෙදෙනා තමන් පත්වූ අතවරය ගැන නාඋල පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මේ තොරතුරු අනාවරණය වී තිබේ. නාඋල පොලිස් ස්ථානාධිපති පොලිස්

පරීක්ෂක සුගත් බණ්ඩාර විජේසුන්දර මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර පරීක්ෂණ සඳහා පැමිණිලිකාරියන් දෙදෙනා ලග්ගල පොලිසියට යොමු කර තිබේ.ලග්ගල පොලිසිය සැකකරු සොයා පරීක්ෂණ ආරම්භ කර තිබේ.