පාර්ලිමේන්තුවේ තවත් සුවිස් පුරවැසියෙක්

සුවිස් පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය කියයි.ඇය පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මේ බව පවසා තිබේ.

ඔහු ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් බවද කියා සිටින ඈ නම හෙළිකිරීම ප්‍රතික්ෂේප කර ඇත.

ගීතාගේ අලුත් ෆිල්ම් එක

ගීතා සිංහල චිත්‍රපටයකට රංගනයෙන් දායක වී ඇති බවද මේ අතර වාර්තා වේ.ඇගේ මේ රංගනය වසර 15කට පසුව සිදුවන්නක් බවද වාර්තා වේ.කෙසේවුවද රුපියල් කෝටියක් දුන්නද ටෙලිනාට්‍යවල රඟ නොපාන බවද ඇය කියා සිටින්නීය.

දිවන්ගත රණසිංහ ප්‍රේමදාස මහතා ලියූ කතා ආශ්‍රයෙන් නිෂ්පාදිත චිත්‍රපටවල ගීතා රඟපෑ කාලයේදී ඇයට ප්‍රේමදාස මහතා දේශපාලනයට පැමිණෙන්නැයි ආරාධනා කළ බවද ගීතා කියා සිටින්නීය.තමා පාර්ලිමේන්තුවට පැමිණියේ වත්මන් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාද ඡන්ද 14කින් පරාජයටපත්කරමින් බව ගීතා පවසන්නීය.