දැරියකට නිතර නිතර අතවර කර රූපගත කරලා

දහතුන් හැවිරිදි පාසල් දැරියක් නිරුවත් කර වරින් වර අපයෝජනයට ලක්කර එම දර්ශන වීඩියෝගත කර තම ජංගම දුරකතනවලට දමා නරඹමින් සිටි බාලවයස්කාර ළමයින් පස්දෙනකු සැකපිට හැටන් පොලිසිය මඟින් පෙරේදා (28දා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.

හැටන් - දික්ඔය දරවල වත්තේ පදිංචි මෙම දැරිය මාස ගණනාවක් තිස්සේ වරින් වර ළමයින් පස්දෙනා විසින් අපයෝජනය කර ඇති බවත් එම අවස්ථා සියල්ලම ඔවුන් වීඩියෝ ගත කර ඇති බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

අවුරුදු දහතුන, දාහතර, පහළොව යන වයස් කාණ්ඩවල පසුවන මේ ළමයින් පස්දෙනා දැරිය පදිංචි නිවෙස ආසන්නයේම පදිංචිකරුවන් බවයි පොලිසිය පැවැසුවේ.

දැරියගේ මවුපියන් විසින් සිද්ධිය පිළිබඳව හැටන් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත මේ ළමයින් පස්දෙනා පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් ළඟ තිබූ දර්ශන වීඩියෝ ගත කිරීමට උපයෝගි කරගත් කැමරාවද පොලිස් භාරයට ගෙන ඇති අතර අපයෝජනයට ලක්වූවේ යැයි කියන දැරිය අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සඳහා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇත. අත්අඩංගුවට ගත් සැකකාර ළමයින් පස්දෙනා හැටන් මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.