ජනසටන අවසන් රැළිය ගෝල්ෆේස් පිටියේ

ඒකාබද්ද විපක්‍ෂය විසින් සංවිධානය කර කොළඹ බලා ගමන් කරමින් ඇති ජනසටන පාද යාත‍්‍රාව අවසානයේ පවත්වන ජනරැළිය කොළඹ ගාළු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිත යයි තහවුරු නොකල ආරංචි මාර්ග සඳහන් කරයි.

නමුත් එහි ශබ්ද විකාශන යන්ත‍්‍ර, විදුලි අලෝකය සවි කිරීම ආදි තාක්‍ෂණික කරුණු කිහිපයක් ඇති නිසා හදිසියේ එම පියවරට යාමට අසීරු යයිද සාකච්චා වෙමින් ඇති බව පැවසෙයි.

කොලඹ නගරයේ කිසිදු පිට්ටනියක් රැස්වීමක් පැවැත්වීම සඳහා ඉඩ ලබා නොදීම නිසා මෙම පියවරට යාමට සිදුවනු ඇති බව සඳහන්ය.

කෙසේ වෙතත් මේ ගැන අදහස් පල කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා කියා සිටියේ ස්ථානය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතත් ජනරැළිය ස්ථිර වහයෙන්ම පවත්වන බවයි.