බන්දුලගේ තැනට ගාමිණී පත්කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝමාගම නව ආසන සංවිධායකවරයා ලෙස බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා පත්කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ගාමිණි තිලකසිරි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය අද(22) ලබාගත් බවයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝමාගම ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සිය ධූරයෙන් ඊයේ(21) ඉල්ලා අස්වුණි.