බැසිල්ට ඇප

දිවි නැගුම දේපාර්තමේන්තුවට අයත් රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් අරාපක්ෂ මහතාට හා හිටපු දිවිනැගුම අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට ඇප නියම කරන ලෙසට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට කොළඹ මහේස්ත්‍රාත් එම්.සී.ඩී.එස්. මොරායස් මහතා දැන්විය.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් තමාව රිමාන්ඩ් ගත කිරීමට එරෙහිව නිකුත් කර තිබූ නියෝගයට එරෙහිව කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධන ඇපෑලක් ඉදිරිපත් කිරීමට බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කළ අතර එම ඇප අයැදුම්පති සළකා බලමින් මහාධිකරණය ඉහත නියෝගය නිකුත් කළේය.