ජනපතිගේ වෙබ් අඩවියට ඇතුළු වූ හැකරා හඳුනාගනී

ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට කඩා වැදී ඇති අන්තර්ජාලයේ හැකර්ස්ලා කවුරුන්ද යන්න රහස් පොලිසිය විසින් හඳුනාගනු ලැබ තිබේ. එයට වගකිවයුතු සැකකරුවන් අද හෙටම අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසියට හැකිවනු ඇතැයි පොලිස් මූලස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට කඩා වැදී ඇති අන්තර්ජාලයේ හැකර්ස්ලා ඉල්ලීම් සහ කොන්දේසි කීපයක් ඉදිරිපත් කරමින් ඒවා ඉටු නොකළහොත් ඉදිරියේදී සයිබර් යුද්ධයකට සූදානම් වන්න යැයි ජනාධිපතිවරයාට අනතුරු හැඟවීමක්ද කර තිබිණි.ජනාධිපති මාධ්‍ය අංශය රහස් පොලිසියට පැමිණිලි කර ඇති බවද එම මාධ්‍ය අංශය ප්‍රකාශ කොට තිබිණි.