ලංකාව සතුව තිබු ලෝක වාර්තාව එංගලන්තයට

එංගලන්තය සහ පකිස්තානය අතර ඊයේ පැවති එක්දින තරගයේදී ශ්‍රී ලංකාව සතුව තිබු ලෝක වාර්තාවක් බිඳ දැමීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

2006 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්තයට එරෙහිව පන්දු ඕවර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 443ක් ලබා ගත්තා. එය තමා එක්දින තරගයකදී කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය.

වසර 10ක් තිස්සේ මේ වාර්තාවට ශ්‍රී ලංකා කණ්ඩායම හිමිකම් කිවුවද ඊයේ පකිස්තානයට එරෙහිව පන්දු ඕවර 50 අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 444ක් ලබා ගැනීමට එංගලන්තය සමත් විය.

මේ අනුව එක් කණ්ඩායමක් එක්දින ක්‍රිකට් තරගයකදී ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලබා ගනිමින් එංගලන්තය නව ලෝක වාර්තාවකට හිමිකම් කියයි.

මේ පහළ තියෙන්නේ ලකුණු පුවරුව…