අලියා මහ පාර මැද වැටී මිය යයි

අම්බලන්ගොඩ,කන්දෙගොඩ දුම්රිය ස්ථානය පිටුපස කුරුදුවත්ත පාරේ ගමන් කරමින් සිටි අවුරුදු 70 ක් පමණ වයසැති සද්දන්ත අලියෙකු අම්බලන්ගොඩ දෙසය රැගෙන යමින් සිටියදී පාර මැද ඇද වැටීමෙන් අවාසනාවන්ත ලෙස මිය ගියේය.

මේ අවස්ථාව දැක බලා ගැනීමට ප්‍රදේශවාසීන් රැස්ව සිටි අතර ක්ෂණිකව පැමිණි වන ජීවී නිළධාරීන් ද පරීක්ෂණ කටයුතු ආරම්භ කළේය.

මෙම සද්ධන්තයා කඩුවෙල ප්‍රදේශයෙන් රැගෙන ආ බව පවසන ඇත් ගොව්වන් යැයි හදුන්වන පිරිස අලියා පිළිබද කිසිදු තොරතුරක් ලබා දීමට කැමැත්තක් නොදැක්වූ අතර අලියා අයිතිකරුවකු යැයි පවසන අයෙකු සදහන් කළේ අලියා සම්බන්ධ සියළු ලියකියවිලි තමා සතුව පවතින බවත් ඒවා ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇති බවත්ය.

ඒ හේතුවෙන් ඒ නිසා වාහන ගමනාගමනයද ඇනහිට තිබුණි.