හරක් වගේ හැසිරෙන්න එපා - චන්ද්‍රිකා

ඊයේ (29) පෙරවරුවේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

පසුගිය රජය සමයේ මුල්ගල් තැබුණු එම ගොඩනැගිල්ල හිටපු ජනපතිනියගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට විරෝධය පළ කරමින් එම අවස්ථාවේදීම ප්‍රදේශවාසීන් පිරිසක් නිට්ටඹුව නගරයේදී උද්ඝෝෂණයක් නිරත විය.

ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව හිටපු ජනපතිනිය උත්සව සභාව අමතමින් එයට ද ප්‍රතිචාර දැක්වූවාය.

එහිදී අදහස් දක්වමින් ඇය කියාසිටියේ මහින්ද රාජපක්ෂ පාලන යුගයේදී මෙරට අධිවේගී මාර්ග ඉදිකෙරුණේ තමන්ගේ නම සහිත පුවරු ගලවා දමමින් වුවද තමන් එයට විරෝධය පළ නොකළ බවත් තණකොළ කන හරකුන් මෙන් නොව දේශපාලනය, රටක් පාලනය වන ආකාරය පිළිබඳ අවබෝධයකින් යුතු පිරිසක් ලෙස ජනතාව කටයුතු කළ යුතු බවත්ය.

වීඩියෝව පහතින්.