කොටි හිටපු ලොක්‌කාට කැනඩාවේ පුරවැසිභාවය

ජාත්‍යන්තර පොලිසියට අවශ්‍ය කොටි ආයුධ ජාලයේ නියෝජ්‍ය නායකයා වූ රවිශංකර් කනගරාජාට කැනඩාවේ පුරවැසිභාවය ලබාදී ඇතැයි කැනඩා රජය පිළිගෙන ඇත.

කැනඩා සී. ටී. වී. රූපවාහිනී සේවය (22 දා) මෙය සනාථ කළේය.මොහු කේ. රවිශංක නමින් නම වෙනස්‌ කර ඇත.තම සොහොයුරු රවිශංකර් තම නිවසේ ජීවත්වන බව ඔහුගේ සොහොයුරියද හෙළිකර තිබේ. රවිශංකර් කනගරාජාට වවුනියා මහාධිකරණය වසර 30 ක සිරදඬුවමක්‌ නියම කර තිබුණි.