ස්ථාන 400කට ලඟදීම නොමිලේ WiFi

ඔක්තෝබර් මාසය වනවිට ස්ථාන 400ක WiFi පහසුකම් ලබාදීමට අවශ්‍ය කටයුතු කර තිබෙන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමෙරිකාවේ කැලිෆෝනියාවේ සිට ගූගල් ලූන් බැලුනයක් ලංකාවේ ඉහළ අහසේ රැඳවීමට අවශ්‍ය සියලුම කටයුතු අවසන් කර තිබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

දැනට ස්ථාන 255 කට ආසන්න ප්‍රමාණයක් WiFi පහසුකම් ලබාදී තිබෙන බවත් පොදුවේ දැනට ක්‍රියාත්මක වන ස්ථානවල පවතින වේගය දෙගුණයකින් ඉහළ දමන බවද හෙතෙම වැඩිදුරටත් පැවසී ය.