පෘථිවියට සමාන තවත් ග්‍රහලෝක 20ක්!

පෘථිවියට සමාන තවත් ග්‍රහලෝක 20ක් අපේ සෞරග්‍රහ මණ්ඩලයට පිටින් ඇතැයි සොයා ගැනීමට නාසා ආයතනයේ කෙප්ලර් දුරදක්නය සමත් වී ඇත.

ගෙවුණු වසර තුන තුළ නව ග්‍රහලෝක 4000ක් පමණ සොයා ගැනීමටත් ඒවායේ පිටසක්වළ ජීවීන් ඇත්දැයි පරීක්ෂණ දියත් කිරීමටත් නාසා ආයතනයේ තාරකා විද්‍යාඥයන්ට හැකි විය.

එම 4000 අතරින් පෘථිවියට බෙහෙවින් සමාන ග්‍රහලෝක 20ක් හඳුනාගෙන ඇති අතර, ඒවායේ ද්‍රව ජලය, ගල් සහිත භූමිය ජීවීන්ගේ වාසයට බෙහෙවින් ගැළපෙන බව සැන් ෆ්රැන්සිස්කෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන්ගේ මතයයි.

මේ පර්යේෂණය තාරකා විද්‍යා‍වේ විශාල පිම්මක් ලෙස සලකන අතර එමඟින් විශ්වයේ ජීවය කෙතරම් පොදු වේද? විශ්වයේ පෘථිවිය මෙන් ග්‍රහලෝක කෙතරම් පවතීද යන පැනයන්ට පිළිතුරු සැපැයීමට රුකුලක් වනු ඇති බව ද ඔවුන්ගේ විශ්වාසයයි.

අරුණි මුතුමලී