සාමාන්‍ය පෙළ සිසුවියක් දුම්රියට පනී - Video

අම්බලන්ගොඩ - කරිත්තකන්ද ප්‍රදේශයේදී සාමාන්‍ය පෙළ සිසුවියක් ඊයේ (23) උදැසන දුම්රියට පැන දිවි නසාගෙන තිබෙනවා.

ගාල්ලේ සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රියට පැන මෙලෙස දිවි නසාගත් සිසුවිය අම්බලන්ගොඩ ගාමිණී මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන බව සඳහන්.

කෙසේ වෙතත්, මිය ගිය සිසුවියගේ සහෝදරයා පවසන්නේ තම සහෝදරිය සහ තරුණයෙකු අතර දුම්රිය මාර්ගය අසල බහින්බස්වීමක් සිදුව ඇති බවයි. පසුව ඔහු ඇය දුම්රියට තල්ලූ කර ඇතැයි එම සහෝදරයා සඳහන් කළා.

මියගිය ශිෂ්‍යාවගේ සහෝදරයා ඇයව තරුණයෙකු විසින් දුම්රියට තල්ලූ කළ බවට ප්‍රකාශ කළද සිද්ධිය සිදුවු ස්ථානයට ආසන්නයේ පිහිටි CCTV දර්ශන නැරඹූ අප වාර්තාකරු පැවසුවේ සිසුවිය දුම්රියට පනින අයුරු නිරීක්ෂණය කළ හැකි බවයි.