ගෝනෙක්‌ මස්‌ කළ හිටපු UNP මන්ත්‍රී

නුවරඑළිය මීපිළිමාන, කන්දේඇළ රක්‍ෂිතයේ සිටි දැවැන්ත ගෝනෙකු හලාවත වෙන්නපුවේ සිට පැමිණි ව්‍යාපාරිකයින් තිදෙනකු විසින් ඊයේ (04) අලුයම් 03.00 ට පමණ වෙඩි තබා ඝාතනය කොට එම ගෝනාව දෙකට කපා කැබ් රථයක පටවාගෙන හලාවත වෙන්නප්පුව දක්‌වා රැගෙන යැමට දැරූ උත්සාහයක්‌ කන්දේඇල විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරී පො.ප. මලුන හෙට්‌ටිආරච්චි මහතා ප්‍රධාන පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.

හලාවත, වෙන්නප්පුවේ හිටපු ප්‍රා. සභා එජාප මන්ත්‍රී ඇතුළු ව්‍යාපාරිකයින් තිදෙනෙකු විසින් 58-1596 දරණ කැබ් රථයෙන් නුවරඑළිය පැමිණ මීපිළිමාන, කන්දේඇල රක්‍ෂිතයේ නිදැල්ලේ ගැවසුනු දැවැන්ත ගෝනෙකුට වෙඩි තබා ඝාතනය කර ඇත. 

අලුයම් කාලයේදී ඇසුනු වෙඩි ශබ්දය පිළිබඳ දැඩි ලෙස නිරීක්‍ෂණය කළ විශේෂ කාර්ය බලකායේ කන්දේඇල කඳවුරේ අණ දෙන නිලධාරී පො.ප. මලුන හෙට්‌ටිආරච්චි මහතා ප්‍රධාන නිලධාරීන් කණ්‌ඩායම් කඩිනමින් ක්‍රියාත්මක වී වෙඩි හඬ ඇසුනු දිසාවට ගමන්කොට සැකකරුවන් මෙන්ම ඔවුන් පැමිණි කැබ් රථයත් වෙඩි තබා ඝාතනය කළ ගෝනාගේ ශරීරයේ කොටස්‌ දෙකක්‌ අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කර ඇත.

වෙඩි තබා ගෝනා ඝාතනය කර කැබ් රථයේ දමා තිබූ අයුරු හා වැටලීමට සහභාගී වූ නිලධාරීන් කිහිප දෙනෙකු පින්තූරයේ දැක්‌වේ.