ගොරවන අයගේ ආයුෂ කෙටියි

නින්දේදී ගොරවන පුද්ගලයන්ගේ ආයුෂ කෙටි වන අතර ඔවුන් හර්දයාභාද අධි රුධිර පීඩනය සහ අංශභාගයට ගොදුරු වීමේ වැඩි අවධානයක් පවතින බව නව වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ වලින් තහහුරු වී තිබෙනවා.

ලෝක ජනගහනයෙන් 74%කට සුවදායි නින්දක් නොලැබෙන බවයි පර්යේෂණ වාර්තා වල දැක්වෙන්නේ. අවුරුදු 3ට අඩු දරුවෙකු දිනකට පැය 12ක් නිදාගත යුතු අතර වැඩිහිටියෙකු දිනකට අවම වශයෙන් පැය 6ක නින්දක් අවශ්‍ය වනවා.

ස්නායු රෝග විශේෂඥන වෛද්‍ය මහාචාර්ය රංජනී ගමගේ මහත්මිය පෙන්වා දෙන්නේ නින්ද කාලය නාස්ති කරන දෙයක් නොව සෞඛ්‍යට ඉතා වැදගත් ක්‍රියාවලියක් බවයි.

ඊට අදාළ වීඩියෝව පහතින් නරඹන්න.