සන්ඡේ දත් ලංකාවට

සුප්‍රකට බොලිවුඩ් නළු සන්ඡේ දත් ගැන කතාන්දර බොහොමයක්‌ තිබේ. ඔහු ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදීන්ට උදව් කර හිරේ ගිය බව එයින් එක්‌ කතාවකි. ඔහු ඉන්දියාවේ සිටින ධනවත්ම නළුවන්ගෙන් එක්‌ අයකු බව තවත් කතාවකි. 

ඔහු පිළිබඳ අලුත්ම කතාව වන්නේ ලබන සෙනසුරාදා (16 දා) රාත්‍රි 9 ට ශ්‍රී ලංකාවේ කොල්ලුපිටියේ පිහිටි එක්‌තරා කැසිනෝ ක්‌ලබ් එකකට ඔහු එන බවය. පසුදින උදේ 6 වන තුරු එතැනට එන අය සමඟ නටමින් ගයමින් ඔහු විනෝද වන බවය. 

එහෙත් මෙය ලියන අපටත්, මෙය කියවන අප පාඨකයන්ගෙන් වැඩි දෙනාටත් එතැනට ගොස්‌ ඔහු හමුවිය නොහැක. එයට හේතුව ඔබ අප වැඩි දෙනා ඒ කැසිනෝ ක්‌ලබ් එකේ සාමාජිකයන් නොවීමය. 

ඒ අතර නූතන හින්දි සිනමාවේ වඩාත්ම කාමුක නළුවා ලෙස ඉන්දියානු තරුණියන් අතර පිළිගැනීමට ලක්‌ව තිබෙන ඉම්රාන් හෂීම් ලබන සිකුරාදා (15 දා) පෙර කී කැසිනෝ ක්‌ලබ් එකට පැමිණීමට නියමිතය. එදා රාත්‍රි 9 සිට පසුදා එළිවන තුරු සන්ඡේ දත්ට කිරීමට නියමිතව ඇත්තාක්‌ සේම ඉම්රාන් හෂීමි ද කැසිනෝ ක්‌ලබ් එක තුළ නටමින් ගයමින් කාලය ගත කරනවා ඇත. ඔහුගේ නික්‌ම යැම සහ සන්ඡේ දත්ගේ පැමිණීම අතර ඇත්තේ පැය 15 ක පරතරයක්‌ පමණි. සන්ඡේ දත් මෙන්ම ඉම්රාන් හෂීමි දැකීමට ද අපට වරම් නැත. හේතුව කැසිනෝ ගැසීමට තබා ශනිදා වාසනාවක්‌ ගැනීමට රුපියල් 20 ක්‌ වත් අපට නැත.

කවුද මේ සන්ඡේ දත්?

1959 උපන් සන්ඡේ දත් සුප්‍රකට ඉන්දියානු චිත්‍රපට නළු සුනිල් දත් සහ නාර්ගිස්‌ නිළියගේ පුත්‍රයාය. සන්ඡේ මුල් වරට චිත්‍රපටයක රඟපාන විට ඔහුගේ වයස අවුරුදු 13 කි. අවුරුදු 21 දී ඔහු රොනී නමැති හින්දි චිත්‍රපටයේ රඟපෑ අතර එය මහත් සේ ජනප්‍රිය විය. 1986 ඔහු රඟපෑ කැට්‌ චිත්‍රපටය මහත් සේ ජනප්‍රිය විය. ඔහු මේ වන විට චිත්‍රපට 100 ක රඟපා ඇති අතර, සම්මාන 27 කට නිර්දේශ වී ඉන් සම්මාන 17 ක්‌ දිනා ගෙන ඇත. Film Fare සම්මානය Star Dust සම්මානය, ජාත්‍යන්තර හින්දි චිත්‍රපට ඇකඩමි සම්මානය යනාදිය ද ඔහුගේ සම්මාන රාක්‌කයෙහි තිබේ. එක්‌ චිත්‍රපටයක රඟපෑම සඳහා ශ්‍රී ලංකාවේ මුදලින් කෝටි 30 ක්‌ අය කරන, ඩොලර් කෝටියක වත්කමක්‌ ඇති සිංහ ලග්නාධිපති සන්ඡේ දත් සතුව හාර්ලි ඩේවිඩ්සන් මෝටර් සයිකල් 25 ක්‌ තිබේ. රෙඩ් ෙµරාරි, පෝෂා Suv, රෝල්ස්‌ රොයිස්‌, අවුඩි සහ BMW යනාදියෙන් සමන්විත සුපිරි මෝටර් රථ එකතුවක්‌ ඔහු සතුව තිබේ. ඔහු පාසල් වියේදීම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි විය. ඉන් පසු පුනරුත්ථාපනය විය. එසේ පුනරුත්ථාපනය වීමෙන් පසු තමන් අලුත් මිනිසකු වූ බව සමාජයට කියූ ඔහු එතෙක්‌ කලක්‌ තම නම ලියූ Sunjay වෙනුවට Sanjay යනුවෙන් ( S අකුරට පසුව ඇති U වෙනුවට A අකුර යොදා) ලියන්නට පටන් ගත්තේය.

+++++++++++++++++++++++++

1992 දෙසැම්බර් 6 වැනිදා ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි අයෝධ්‍යාවේ ඉතිහාසයේ යළි කිසි කලෙකත් නිවැරැදි කිරීමට බැරි වරදක්‌ සිදුÊවිය. ඒ වූ කලි අයෝධ්‍යාවේ පිහිටි බබ්රි මස්‌ජිඩ් නමැති ඉස්‌ලාම් පල්ලිය හින්දු ජාතිවාදීන් විසින් කඩා බිඳ දමනු ලැබීය. හින්දු ජාතිවාදීන් කීවේ බබ්රි පල්ලිය පිහිටි තැන, ඈත අතීතයේදී රාම දෙවිඳුන්ගේ හින්දු කෝවිලක්‌ පැවැති බවය. දෙසැම්බර් 6 වනදා හටගත් කලහකාරී සිද්ධියෙන් පසු උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය පුරා ජාතිවාදී කෝලාහල ඇති විය. මෙහිදී හින්දු සහ මුස්‌ලිම් ජනයා 1000 කට වැඩි පිරිසක්‌ මරා දමන ලදී.

මේ සිද්ධිය නිසා ලෝක මුස්‌ලිම් ප්‍රජාව බලවත් සේ උරණ විය. 1993 මාර්තු 12 වැනිදා බොම්බායේදී තැනින් තැන බෝම්බ 13 ක්‌ පුපුරා ගියේය. මෙම ප්‍රහාරය සංවිධානය කර සම්බන්ධීකරණය කරන ලද්දේ ජාත්‍යන්තර මට්‌ටමේ සාපරාධී සංවිධානයක්‌ වන D - Company විසිනි. එම නායකයා වාඩුඩ් ඉබ්‍රාහිම් ය. ඉන්දියානුවකු වන ඔහු ජාත්‍යන්තර පොලිසිට අවශ්‍ය අපරාධකරුවකු වන අතර පාකිස්‌තානයේ හිටපු ක්‍රිකට්‌ නායක ජාවඩ් මියෑන්ඩාඩ්ගේ මස්‌සිනා ය. මේ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්‌තවාදීන්ට අයත් ආයුධ තොගයක්‌ සන්ඡේ දත්ගේ නිවසේ තිබී හමුවිය. 1993 අප්‍රියෙල් 1 වැනිදා සන්ඡේ දත් අත්අඩංගුවට ගත් ඉන්දියානු රජය ත්‍රස්‌තවාදය හා විනාශකාරී ක්‍රියා වැළැක්‌වීමේ පනත යටතේ ඔහු රිමාන්ඩ් කළේය. එතැන් සිට ඇප මත නිදහස්‌ වෙමින්ද, රිමාන්ඩ් කූඩුවට යමින්ද, වසර 14 ක්‌ කල් ගත කළ සන්ඡේ දත් 2007 දී බරපතළ වැඩ ඇතිව වසර 6 කට සිරගත විය. පසුව ඒ ගණන වසර 6 දක්‌වා අඩුකර ගැනීමට හැකි විය. සිරගතව සිටියදී අර්ධ පුහුණු කම්කරුවකු ලෙස සේවය කළ ඔහු 2016 පෙබරවාරි 25 වැනිදා නිදහස්‌ වන විට රුපියල් 38000 ක්‌ උපයා ගෙන තිබිණි. ඒ අනුව හිරේදී ඔහුට ගෙවූ මාසික වැටුප රුපියල් 450 කි.

සන්ඡේ දත් තුන්වරක්‌ විවාහ විය. ඔහුගේ පළමු බිරිඳ වූ රිමා ෂර්මා (ඇයද නිළියකි) පිළිකා රෝගයක්‌ නිසා 1996 දී මිය ගියාය. ඔහුගේ දෙවැනි බිරිය රහා පිල්ලේ ය. තුන්වැනි බිරිය මන්යාවය. මේ විවාහ තුනෙන් ඔහුට දරුවෝ සිවුදෙනෙක්‌ වෙති.

සෙක්‌ස්‌ටස්‌ රඹන්කිකි`ද