මට බෙහෙත් ගන්න උදව් කරන්න

"මට දැන් හොඳයි. ගීත ගයන්න පුරුදු පුහුණු වෙනවා. මට ප්‍රතිකාර සඳහා ලොකු මුදලක්‌ වැයවන නිසා ඒකට උදව් කරන්න පුළුවන් නම් ලොකු පිsනක්‌ ....." යෑයි ගායන ශිල්පී ප්‍රින්ස්‌ උදය ප්‍රියන්ත මහතා ප්‍රකාශ කළේය.

රෝගාබාධයක්‌ හේතුවෙන් රෝහල්ගතව හිඳ නිවසට පැමිණීමෙන් පසු අදහස්‌ දක්‌වමින් ගායන ශිල්පී ප්‍රින්ස්‌ උදය ප්‍රියන්ත මහතා එසේ කියා සිටියේය.

"මගේ රසික - රසිකාවියන්ගෙන් මට ලැබෙන සුබපැතුම් ආශිර්වාදවලට ගොඩක්‌ ස්‌තූතියි. ඒ අයගෙන් ලැබුණු ආශිsර්වාද නිසයි අද මම ජීවත් වෙලා ඉන්නේ. සමහර මගේ රසික - රසිකාවියන් මගේ රෝගාබාධයට අවශ්‍ය ප්‍රතිකාරවලට වැයවන මුදල් සඳහා උදව් උපකාර කළා. මගේ ගීතවලින් රසික රසිකාවියන් සතුටු කරපු එකට ලැබුණු ප්‍රතිඋපකාර මට ගොඩක්‌ වටිනවා. මම ඉදිරියේදී ප්‍රසංග වේදිකාවේදී ගීත ගායනා කරන්න බලාපොරොත්තුවෙනවා. කොහොම නමුත් මට නැවත ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් වෙන්න සිදුවෙනවා. මගේ ප්‍රතිකාර සඳහා ලබා ගන්නා බෙහෙත් වල මිල ඉතා අධිකයි. ඒවා ගන්න මට උදව් කරන්න පුළුවන් නම් ලොකු පිනක්‌ එහෙම කෙනෙක්‌ ඉන්නවා නම් මගේ 0769-111838 යන ජංගම දුරකථන අංකයට කතා කරන්න."