ජෝර්ජ් මාස්ටර් නිදහස්

කොටි සංවිධානයේ හිටපු භාෂා පරිවර්තක ජෝර්ජ් මාස්ටර් ඔහුට එරෙහි පරීක්ෂණයෙන් මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (4) නියෝග කළේය.

නීතිපති උපදෙස් අනුව මේ පියවර ගත් බව මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.

කොටි සංවිධානයේ හිටපු මාධ්‍ය ලේකම් දයා මාස්ටර් සම්බන්ධයෙන් ගතයුතු පියවර ගැන නීතිපති උපදෙස් නොලැබීම හේතුවෙන් නඩුව දෙසැම්බර් 5 වැනිදා තෙක් කල් තැබිණි.

ජෝර්ජ් මාස්ටර්ට එරෙහිව පැමිණිල්ල ගොනු කළේ 2009 වසරේ දී ය.