පාසල් දැරිය අලියාට බිලි

තණමල්විල ආනන්දපුර බටගල ආර ප්‍රදේශයේ පාසල් දැරියකට හා ඇගේ සීයාට වන අලියෙකු පහරදීමෙන් සිදුවූ අනතුරකින් පාසල් දිවිය ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලීසිය කියයි. අද (27දා) අලුයම මෙම අනතුර සිදුව තිබේ.

සීයා විසින් සිසුවිය පාසලට රැගෙන යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබේ. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 9 හැවැරිදි හෂිනි උදේශිකා රත්නායක සිසුවියෙකි.