දිය නාන තරුණිය වීඩියෝ කළ සිසුවා

නාන කාමරයක දිය නාමින් සිටි තරුණියකගේ සිරුර වීඩියෝ ගතකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ ලාබාල අයෙක් අගෝස්තු 8 දක්වා මාකොළ රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.

මෙලෙස රැඳවුම් නියෝග ලැබුවේ තිඹිරිගස්කටුව අඩි 60 පාර පදිංචි 15 හැවිරිදි පිරිමි ළමයෙකි. සිද්ධියට මුහුණපෑ කත නාන කාමරයේ සිටියදී පිරිමි ළමයකු වීඩියෝ ගතකරන බවට තොරතුරු දැනගැනීමෙන් පසු ඒ අනුව ඇය තම දියණියට නාන කාමරයට ගොස් දිය නෑමට සලස්වා විමසිල්ලෙන් බලා සිට තිබේ.

එවිට පිරිමි දරුවකු වතුර බටය දිගේ නැග නාන කාමරයේ කවුළුවෙන් දිය නාමින් සිටි තරුණියගේ දර්ශන වීඩියෝ ගතකරමින් සිට ඇත. දරුවා අල්ලා මීගමුව පොලිසියට බාරදීමෙන් අනතුරුව මීගමුව පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩී. එම්. ඩී. දිසානායක මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් 56351 සරත් කුමාර මහතා සැකකාර සිසුවා අධිකරණයට ඉදිරිපත් කර කරුණු වාර්තා කරන ලදී. සිසුවාගේ මානිසක වාර්තාවක් ලබාගෙන අධිකරණයට ඊළඟ නඩු දිනයේදී ඉදිරිපත් කරන ලෙස ද නියෝගයේ සඳහන් විය.