පාද යාත්‍රාවට තහනම් නියෝගයක්

ඒකාබද්ධ විපක්ෂයේ ජනසටන පාද යාත්‍රාව මාවනැල්ල නගරයට ඇතුළුවීම වළක්වාලමින් මාවනැල්ල මහේස්ත්‍රාත් එල්.ඒ. මහින්ද අද තහනම් නියෝගයක් නිකුත් කළා.

ඒ මාවනැල්ල පොලිස් ස්ථානාධිපති එම්.ඩී.ඩී.නිලංග අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

හෙට දිනයේදී එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මාවනැල්ල නගරයේදී පක්ෂ ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධාන කර තිබෙනවා.

අනිද්දා දිනයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මාවනැල්ල නගරයේදී තවත් උත්සව ගණනාවක් සංවිධාන කර ඇති බවයි ස්ථානාධිපතිවරයා අධිකරණයට කරුණු වාර්තා කළේ.

ඒ අනුව, නගරය තුළ මහජන සාමය ආරක්ෂා කිරීම සදහා තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, කරුණු සලකා බැලූ විනිසුරුවරයා අදාළ තහනම් නියෝගය නිකුත් කළා.