Loading...

රත්තරං මිනිසා ඝාතනය කරයි!

ඉන්දියාවේ රත්තරං මිනිසා යන අනවර්ථ නාමයෙන් හැඳින්වූ දත්තා පූගේ නම් කෝටිපති ව්‍යාපාරිකයා ඊයේ රාත්‍රියේ ඝාතනය කර තිබෙනවා.

කැරට් 22 රනින් නිමවූ ඉන්දීය රුපියල් කෝටියක් පමණ වටිනා කමිසයක් සහ තවත් කිලෝ ගණනක රන් ආභරණ පැලඳු නිසා මොහු ඉන්දියාවේ රත්තරං මිනිසා ලෙස හැඳින්වූවා.

දත්තාගේ කිලෝග්‍රෑම් 3.5ක් බරැති රන් කමිසය රන්කරුවන් 15 දෙනෙකු විසින් විශේෂයෙන් නිමවන ලද්දක්.

ඝාතනය පත් රාත්‍රීයේ මොහුට උපන් දින උත්සවයක් සදහා ආරාධනයක් ලැබී ඇති අතර, මොහු සිය පුතාද සමගින් එයට සහභාගි වීමට ගොස් තිබෙනවා.පසුව පැමිණ පිරිසක් ඔහුව සිය රථයෙන් ඉවතට ගෙන පහරදී ඝාතනය කර ඇත්තේ ඔහුගේ 22 හැවිරිදි පුත්‍රයා ඉදිරියේදීයි.

ව්‍යාපාරික ආරවුලක් මෙම ඝාතනයට හේතුවන්නට ඇතැයි පොලීසිය විශ්වාස කරනවා.

Related Posts Plugin for WordPress, Blogger...