මිනිබිරියට අතවර කළ සීයා අත්අඩංගුවට

වයස අවුරුදු 77 ක සීයා කෙනෙකු තම නිවසේ ඇති දැඩිවුන 13 හැවිරිදි මිනිබිරියට අතවර කර ඇති බවට ලැබුණ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

වාර්තාවන අන්දම සිද්ධිය මෙසේය. අතවරයට ලක්‌වූ දැරියගේ පියා ටික කලකට පෙරදි මියගොස්‌ ඇත.

ඉන්පසු දැරියගේ මව වෙනත් විවාහයක්‌ කරගෙන දැරිය සහ ඇගේ 17 හැවිරිදි සොයුරාද සීයාට සහ ආච්චිට බාරදී ගමෙන් පිටව ගොස්‌ ඇත. පසුව දැරිය සහ ඇගේ සොයුරා සැකකාර සීයාගේ බාරයට පත්කර ඇත.


සිද්ධිය වූ දවසේ ආච්චි කුලී වැඩට ගොස්‌ ඇති අතර දැරියගේ සොහොයුරා වෙනත් ගමනක්‌ ගොස්‌ ඇත. මේ අතරතුරේදී ගමේ වෙනත් තරුණයන් දෙදෙනෙක්‌ අරක්‌කු බෝතලයක්‌ රැගෙන සීයාගේ නිවසට පැමිණ සීයාට පදමට වෙරිවනතුරු අරක්‌කු පොවා තරුණයන් දෙදෙනාද බෝතලය හිස්‌කර නිවසින් පිටව ගොස්‌ ඇත.

ඇතිපදම් වෙරිවී සිටි සීයාට උන්හිටි තැන් අමතක විය. නිවසේ සිටියේ තමා මෙතෙක්‌ කලක්‌ පණමෙන් රැකබලාගත් 13 හැවිරිදි මිණිබිරිය පමණි. වයස 77 ක මහල්ලෙක්‌ වුවත් පහත් ආශාවන් ක්‍ෂණිකව ඇතිවූ සීයා මිනිබිරිය ඒ සඳහා යොදාගත්තේය.

මේ අතරතුරේදී දැරියගේ සොහොයුරාද නිවසට පැමිණ ඇති අතර ඔහු මෙම සිද්ධිය දැක පවුලේ අනෙක්‌ වැඩිහිටියන්හට පවසා ඇත. ඒ මාර්ගයෙන් පොලිසියට තොරතුරු වාර්තාවී ඇති අතර පොලිසිය මගින් සැකකාර සියා අත්අඩංගුවට ගෙන ඇත.

වෛද්‍ය පරීක්‍ෂණ සඳහා දැරිය රෝහල්ගත කර ඇති අතර සැකකාර සීයා ඊයේ 17 දින සියඹලාණ්‌ඩුව උසාවියට ඉදිරිපත් කෙරිණි.