රාමසාන් දවසේම වතුර කපලා!

අද (6) රාමසාන් සැමරුම යෙදෙන රජයේ නිවාඩු දිනයේ කොළඹ නගරය ආසන්න ප‍්‍රධාන නගර ගණනාවක ජල සැපයුමට බාධා ඇතිවීමෙන් ජනතාව දුෂ්කරතාවයට ලක්ව තිබේ.

ඊයේ අඹතලේ පොම්පාගාරයේ සිට පැමිණෙන නලයක් දෙහිවලදී හදිසි පුපුරායාමකට ලක්වීම නිසා ඊට අවශ්‍ය අලූත්වැඩියා කටයුතු සඳහා ජලසැපයුම තාවකාලිකව අත්හිටුවා තිබුනේ අද උදේ 6 දක්වාය. නමුත් පසුව වාර්තාවූයේ එම අලූත්වැඩියාවට අපේක්ෂිත කාලය ඉක්මවා යන බවකි.මේ හේතුවෙන් දෙහිවල, ගල්කිස්ස,වැල්ලවත්ත, කිරුළපන, පාමංකඩ, හැව්ලොක් ටවුන්, බම්බලපිටිය,කොල්ලූපිටිය,ජයන්තිපුර,පැලවත්ත,මුල්ලේරියාව,අඹතලේ හා කොහිලවත්ත ප‍්‍රදේශවල ජලසැපයුම නැවතී ඇත. අලූත්ම ආරංචි වලින් කියවුනේ සවස 3 වන විට ජලසැපයුම යථාතත්වයට පත් කළ හැකි බවකි.


අද රාමසාන් සැමරුම සිදුකරන ආගමිකයන් මෙන්ම නිවාඩු දවසේ නිවසේ සිටින අනෙක් ආගමිකයන්ද මේ නිසා අපහසුතාවයන්ට ලක්ව ඇත.