විමල් ජම්පරයක් මහලා

දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ පුත් යදාමිණි ගුණවර්ධන හා බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනි සමන්මලී සකලසූරියගේ විවාහ මංගල උත්සවය පැවැත්වුණේ කොළඹ හිල්ටන් හෝටලයේය. 

මහින්ද සමග ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් ඊට සහභාගී වූහ. මහින්ද සමග විමල් වීරවංශ, බැසිල් රාජපක්ෂ එකම මේසයේ විය. කොළඹ රාජකීය විද්‍යාලයේදී දිනේෂ් සමග එකම පන්තියේ ඉගෙනුම ලැබූ රනිල් පැමිණි විට දිනේෂ් ඔහු කැඳවාගෙන ගියේ මහින්ද සිටි මේසයටය. 

රනිල් එනු දුටු බැසිල් හා විමල් ඒ මේසයෙන් නැගිට ගොස් අසල තිබූ තවත් මේසයක වාඩිවූහ.

කෑම කා අවසන් වන තුරු ඔවුන් දෙදෙනා මහින්ද සිටි මේසය අසලට ආවේ නැත. කෑම කා ටිකවේලාවකින් විමල් උත්සව සභාවෙන් පිටත්ව යන්නට සූදානම් විය. විමල් නැගිට යාමටපෙර යන බව මහින්දට කීමට රනිල් සිටි මේසය අසලට පැමිණියේය. ඒ වන විට දිනේෂ් වාඩිවී සිටියේද එම මේසයේය.

විමල් මේ මේසෙන් වාඩිවෙන්න දිනේෂ් නැගිට විමල්ට ඔහුගේ අසුන දුන්නේයමම යන්න හදන්නේ. යන බව මහින්ද මහත්තයට කියල යන්නයි ආවේ විමල් කීවේය.

මම මේ අගමැතිතුමා එක්ක කතා කර කර හිටියේ මුසම්මිල් අත්අඩංගුවට ගැනීම ගැන. මුසම්මිල් අත්අඩංගුවට ගැනීම අපරාධයක් කියලා කිව්වේ මහින්ද කීවේය.

වැඩක් නෑ. අගමැතිතුමා අපි ඔක්කෝම අරගන්න හදන්නේ. දැන් අපි අපේ සයිස් එකට ජම්පර් මහගෙන ඉන්නේ විමල් කීවේ සිනාසෙමිනි.

ඉතිං පාර්ලිමේන්තුවම හිරගෙයක්නේ රනිල් තවත් හයියෙන් සිනාසෙමින් කීය.

මහින්ද උත්සව සභාවෙන් එළියට ආවේ බැසිල් හා චමල් රාජපක්ෂ සමගය. ඔවුන් තිදෙනා එළියට එන විට අසල වෙනත් ශාලාවක තිබූ විවාහ මංගල උත්සවයක සිටි තරුණයින් පිරිසක් මහින්දගේ මුහුණට මුණ ගැසුණි.
සර් අපි උඩුගම්‍පොළ ප්‍රසන්න රණතුංග මහත්තයාගේ මිනිස්සු. අපේ වෙඩින් එකටත් ගොඩවෙලා යන්න තරුණයෝ පිරිස ඉල්ලා සිටියෝය.

ප්‍රසන්නගේ මිනිස්සුනම් නොගිහින් කොහොමද යැයි කී මහින්ද එම විවාහ මංගල උත්සව ශාලාවට ගොස් මනාල යුවල සමග ඡායාරූපයකටද පෙනී සිටියේය.