දෙහිවල සතුන් වත්තේ දී ව්‍යාඝ්‍ර පැටවෙක් උපදී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ දී බෙංගාලි ව්‍යාඝ්‍ර පැටවෙක් උපත ලබයි.

ලෝකයේ ඉතාම අලංකාර ක්ෂීරපායී සත්ත්වයෙකු ලෙස සැලකෙන මෙම සත්ත්වයා දැඩි ලෙස වඳ වීයාමේ තර්ජනයට ලක්ව ඇති රතු දත්ත පොතට ඇතුළත් සත්ත්ව විශේෂයකි.

මීට සති දෙකකට පෙර උපත ලැබූ මෙම පැටවා මේ වන විට හොඳ සුවයෙන් පසුවන බවත් එම පැටවා මවගෙන් කිරි උරා බොමින් සිටින බවත් දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය පවසයි.


මෙම පැටවාගේ පියා සුදු ව්‍යාඝ්‍ර වර්ගයට අයත් වන අතර මව කළු සුදු ඉරි වලින් සමන්විත වේ. සත්ත්ව හුවමාරු වැඩසටහන යටතේ චීන රජයෙන් මෙරටට රැගෙන විත් තිබේ. උප විශේෂ 05 ක ව්‍යාඝ්‍රයන් දක්නට ලැබෙන බවත් මොවුන් සයිබීරියාව දක්වා ව්‍යාප්ත වී ඇති බවත් සත්ත්වොද්‍යානය සඳහන් කරයි. මෙම සතුන් දකුණු ආසියානු කලාපයේ රටවල දැකිය හැකිය.