වාහනය ගැන ලාන්සා - තලතා කතාකරයි

Nimal Lanza නිමල් ලාන්සාතමන් සුඛෝපභෝගී මෝටර් රථයක් ආනයනය කරන ලද්දේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස තමන්ට හිමි වූ වාහන ආනයන බලපත‍්‍රයෙන් බව නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ තමන් කිසිවිටෙකත් තම අමාත්‍යාංශයෙන් වාහන ලබාගෙන නොමැති බවයි.

අමාත්‍ය තලතා අතුකෝරල සහ නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලංසා යන මහත්ම මහත්මින් විසින් ශී‍්‍ර ලංකාවට ආනයනය කර ඇති සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි හරහා තොරතුරු වාර්තා වුණා.

අදාළ සුඛෝපභෝගි මෝටර් රථ දෙක ශී‍්‍ර ලංකාවට ආනයනය කර තිබුණේ හම්බන්තොට වරායෙන්. එම මෝටර් රථ තලතා අතුකෝරල සහ නිමල් ලංසා යන මහත්ම මහත්මීන් විසින් ආනයනය කර ඇති බව දැක්වෙන ලිපිලේඛනවල ඡායාරූපද මාධ්‍ය හරහා හෙළි කෙරුණා.

අමාත්‍යාංශ කිහිපයකට වාහන මිළදී ගැනීම සඳහා ඉකුත්දා රජය මුදල් වෙන් කිරීමක්ද සිදු කළා. කෙසේවෙතත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා නියෝග කර තිබුණේ එම වාහන ආනයනය කිරීම තාවකාලිකව නතර කරන ලෙසයි.

කෙසේවෙතත් තමන් මෙම සුඛෝපභෝගී මෝටර් රථය ආනයනය කරන ලද්දේ මන්තී‍්‍රවරයෙකු ලෙස තමන්ට හිමිවූ වාහන ආනයන බලපත‍්‍රයෙන් බව නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා ප‍්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ද කියාසිටියේ මන්තී‍්‍රවරියක ලෙස තමන්ට හිමි වූ වාහන ආනයන බලපත‍්‍රයෙන් අදාළ මෝටර් රථය ආනයනය කළ බවයි.