කොළඹට පැය 12ක ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය සේවා කටයුත්තක් හේතුවෙන් අද මධ්‍යහ්න 12 සිට මධ්‍යම රාත්‍රි 12 දක්වා පැය 12 ක කාලයක් කොළඹ හා අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කෝට්ටේ මහනගර සභා බල ප්‍රදේශය, බත්තරමුල්ල, කොස්වත්ත, කළුපළුවාව, තලවතුගොඩ, ජයවඩනගම, මාලඹේ, හෝකන්දර , මහරගම, බොරලැස්ගමුව සහ කොළඹ 05 ප්‍ර දේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

මීට අමතරව කොළඹ 6 සහ කොළඹ 8 වන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.