පාඨලී කෝටි 100ක වන්දියක් ඉල්ලයි

මව්බිම දිනපතා පුවත්පතේ පළ වූ වාර්තා කිහිපයකින් තම කීර්තිනාමයට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් කෝටි 100ක වන්දියක් ඉල්ලා අමාත්‍ය පාඨලී චම්පික රණවක එන්තර වාසි යවා තිබෙනවා.

එම පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයාට , වාර්තාකාරිණියට , ප්‍රකාශක සමාගමට , ජනතා විමුක්ති පෙරමුණට හා පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාරටයි මෙසේ එන්තර වාසි යවා තිබෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර හා ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ යන අයගේ ප්‍රකාශ පදනම් කර ගනිමින් මව්බිම දිනපතා පුවත්පතේ පළ වූ වාර්තා කිහිපයකින් තම කීර්තිනාමයට හානි සිදු වූ බව පවසමිනුයි අමාත්‍ය පාඨලී චම්පික රණවක එන්තර වාසි යවා තිබෙන්නේ. 

එම ප්‍රවෘත්ති මගින් ගල්අඟුරු ටෙන්ඩර් වංචාව පිටුපස අමාත්‍යවරයා සිටින බවට කරුණු සඳහන් කර තිබුණා.මෙමගින් තම කීර්තිනාමයට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් කෝටි 100ක වන්දියක් ලබා දෙන ලෙස දැනුම් දෙමින් අමාත්‍යවරයාගේ නීතිඥවරයා මෙම එන්තර වාසි යැවීම සිදුකර තිබෙනවා.