උදය බලන්න මහින්ද බන්ධනාගාරෙට Video

MAHINDAරක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාගේ සුවදුක් බැලීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (23දා) මැගසින් බන්ධනාගාරයට ගියා.

ජනවාරි 8 වනදා පරාජයේ සිට තමන් අත් නොහැර තමන්ගේ සෙවනැල්ල මෙන් සිටි උදය ගම්මංන්පිල අමාරුවේ වැටුණ වේලාවේ ඔහු අමතක නොකර ඔහු ගැන බැලීමට අවශ්‍ය නිසා මහින්ද සිය යුතුකම් ඉටුකරන්නට මේ ආකාරයට බන්ධනාගාරයට ගියේ ජපන් සංචාරය නිමවා ලංකාවට පැමිණ වැඩි කාලයක් ගත වන්නට මත්තෙනි.

ව්‍යාජ ඇටර්නි බලපත‍්‍රයක් සැකසීම මගින් සමාගමක රුපියල් මිලියන ගණනක් වටිනා කොටස් ලබාගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත තිබෙන අතර ඔහු වෙනුවෙන් මේ දිනවල මහින්ද ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ අනෙක් සගයන්ද දැඩි සටනක නියැළෙමින් කියා සිටින්නේ පිවිතුරු හෙළ උරුමයේ උදය එවන් වරදක් කර නැති බවත් මෙය හුදෙක්ම දේශපාලන පලිගැනීමක් පමණක් බවත්ය.