බලුමස් සැණකෙළිය ඇරඹෙයි - (VIDEO)

dog
චීනයේ පැවැත්වෙන වාර්ශික බලුමස් සැණකෙළිය ආරම්භ වී තිබෙනවා.

යූලින් ප්‍රදේශයේ පැවැත්වෙන මෙම උත්සවයේ දී දසදහසක් පමණ සුනඛයින් සහ බළලුන් මරා මස් කර ආහාරයට ගන්නා බව යි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර වශයෙන් එල්ලවන දැඩි විරෝධතා මධ්‍යයේ මෙම සැණකෙළිය පැවැත්වීම විශේෂත්වයක්.

දින 10ක් පුරා පැවැත්වෙන උත්සවය වෙනුවෙන් රැගෙන එන සුනඛයින් සහ බළලුන් කෘෘර ලෙස වද හිංසාවට ලක් කොට ඝාතනය කෙරන අතර මෙම සැණකෙළිය තහනම් උත්සවයක් බවට පත්කරන්නැයි දීර්ඝ කාලීනව ජාත්‍යන්තර සත්ත්වවේදීන් ඉල්ලීම් සිදු කරනවා.

කෙසේ වෙතත් චීන රජය පවසන්නේ මෙම සැණකෙළිය රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කෙරෙන්නක් නොවන බව යි.

චීනය තුළ සුනඛයින්ගේ සහ බළලුන්ගේ මාංශ ආහාරයට ගැනීමේ ක්‍රියාවලියට වසර 500ක ඉතිහාසයක් තිබෙන බව වාර්තා වනවා.

එම සැණකෙළිය පිළිබඳ සැකසුණු වාර්තා වැඩසටහනක් පහතින් > > >
(සංවේදී දසුන් සහිතයි)